RSS

අප සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය ඇත්ද?


අප සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය ඇත්ද...?


බුධ:
හිරුගේ සිට ඇති දුර සැතපුම් 35,960,000 ක් පමණ වේ. එක් අවුරුද්දක් (හිරුගේ සිට ඇති දුර) පෘථිවි දින වලින් දින 88 කි. චන්ද්‍රයින් නැත. පැයට කි.මි 40,000ක වේගයකින් ගියහොත් බුධ ග්‍රහයට ලං විමට දින 96ක් ගත වෙන බවට ගණන් බලා ඇත. මෙහි මතුපිට ඉතා දැඩි උෂ්ණත්‍වයක් ඇති අතර එම උෂ්ණත්‍වය ඊයම් දිය විමට තරම් ප්‍රමාණවත් වේ. ඒ හින්දා බුධ ග්‍රහයා ජීවින්ට හිතකර නොවේ.

සිකුරු:
හිරුගේ සිට ඇති දුර සාමාන්යෙන් සැතපුම් 67,200,000 ක් පමණෙ වේ. එක් අව්රුද්දක් පෘථිවි දින වලින් දින 225 කි. පැයට කි.මි 40,000ක වේගයකින් ගියහොත් සිකුරු ග්‍රහයට ලං විමට දින 44 ක් ගත වෙන බවට ගණන් බලා ඇත. ඒ වගේම සල්ෆියුරික් අම්ල සහා සල්ෆර් ඩයොක්සයිඩ් වලින් තැනුන තුනි වයු වලාවකින් මතුපිට ආවරණය වී ඇත. එහි ඇති වායුගෝලයෙන් 96%ක්ම සමන්විතව ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් වලිනි. එහි හරිතාගාර ආවරණයක් ද දක්ණට ඇති නමුත් උෂ්ණත්‍වය සාමාන්යෙන් සෙන්ටිග්‍රේට් අංශක 457 ක් පමණ වේ. එහි වායු පිඩනය පෘථීවිය මෙන් 90 ගුණයක් පමණ වෙයි. සිකුරු තුල ජලය අල්ප වශයෙන් ඇති වුනත් සිකුරු ග්‍රහයා ජීවින්ගේ පැවැත්මට හිතකර නොවේ.

පෘථීවිය:
හිරුගේ සිට ඇති සාමාන්‍ය දුර සැතපුම් 92,900,00 වන අතර අවුරුද්දකට දින 365 ¼ ක් ඇත්. විශාලත්‍වය අතින් පස් වෙනි ස්ථානයේ සිටින පෘථීවිය සෞරග්‍රහ මණ්ඩලයේ ජීවින්ට හිමි හිතකර සාධක ඇති එකම  ග්‍රහයා ද වෙයි. මෙයට එක් චන්ද්‍රෙයක් අයත්ව ඇත.
මෙහි වායු ගෝලය කි.මි. 8 ක් දුරට විහිදි තිබෙන අතර නයිට්‍රජන් 78.11% ක් ද, ඔක්‍ෂිජන් 20.96%ක්ද, කාබන්ඩයොක්සයිඩ් 0.032% ද විරල වායු 1% කින්ද සම්මිශ්‍ර වී ඇත. පරිසර සාධකයන්ගේ තුලිත තාවයත් උෂ්ණතවයත් නිසා පෘථිවිය ජිවය සඳහා සුදුසුව ඇත.

අඟහරු:
හිරුගේ සිට ඇති සාමාන්‍ය දුර සැතපුම් 141, 500, 000 ක් දුරින් පිහිටයි. මෙහි අවුරුද්දකට පෘථිවි දින 687 ක් ඇත. කාබන්ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, හා ආගන් වැනි වායුන්ගෙන් තැනුන තුනී වායුගොලයක් දක්නට ඇත. දියරමය තත්‍වෙය්  පවතින ජලය නොමැත. සෙන්ටිග්‍රේට් අංශක -55ක් පමණ වන සීත දේශගුන තත්‍වයක් පවතින අතර එහි සරල ජීවින් පැවතිමට හැකි බව විද්‍යාඥයන්ගේ විශ්වාසය යි. කෙසේ නමුත් අඟහරු මතද බුද්ධිමත් ජීවින් නැති බව දැනට කරපු පරීක්‍ෂණ වලින් තහවරු වී ඇත.

බ්‍රහස්පති:
හිරුගේ සිට ඇති සාමාන්‍ය දුර සැතපුම් 487,300,000 ක් පමණ වේ. මෙහි අවුරුද්දකට පෘථිවි වර්‍ෂ 11.9 කි. අධික ගුරුත්වයක් ඇති අතර එහි හයිඩ්‍රජන්, හීලියම්, වලින් සෑදුන වායුගෝලයක් ඇත. මෙහි මාධ්‍ය වි ඇත්තේ ඝණ පාෂාණ සහ එය ආවරණය කරමින් සෑදි ඇති ද්‍රව තට්ටුවක්නය. එහි ඝන හයිඩ්‍රජන් තැන් තැන් වල දක්නට ඇත. බ්‍රහස්පති සතු චන්ද්‍රයින් ගණන 16 කි.

බ්‍රහස්පතිගේ සමහර චන්ද්‍රයන් සතු කාළගුණ තත්‍වයන් අනුව එහි ජීවින් පැවතීමට ඉඩ ඇතැයි යන විශ්වසය විද්‍යාඥයන් තුල ඇත. නමුත් සමස්තයක් ලෙස ගත් කල ජලය මදි කමත් සහ සුදුසු වායු ගෝලයක් නොමැති බවත් නිසා ජිවින් සිටිමට ඇති අවස්තාව අඩු බව මතක තබා ගත යුතුය.

සෙනසුරු:
හිරුගේ සිට ඇති සාමාන්‍ය දුර සැතපුම් 914,000,000 ක් පමණ වේ. මෙහි අවුරුද්දකට පෘථිවි වර්‍ෂ 29.5 ක් වෙයි. මෙහි චන්ද්‍රයන් 20ක් ගෙන් සහ වර්ණවත් වළලු තුනකින් යුක්ත වේ. මෙහි ඇති ටයිටන් නම් චන්ද්‍රයා මත වායුගෝලයක් පවතින අතර උෂ්ණත්‍වය ඉතා අඩු නිසා ජිවයක් පැවතීමට නොහැක.

යුරේනස්:
හිරුගේ සිට ඇති සාමාන්‍ය දුර සැතපුම් 1782,000,000 ක් පමණ වේ. මෙහි අවුරුද්දකට පෘථිවි වර්‍ෂ 84 කි. චන්ද්‍රයින් 5ක් ඇත. මෙය දියවූ පාෂාණ වලින් සෑදි ඇති අතර එය රත්වූ ජලය, මීතේන්  හා ඇමෝනියා සාගරයකින් වට වී ඇත. මෙය සැතපුම් දහස් ගණනක් ගැඹුරුය. වායු ගෝලයේ මීතේන්, හයිඩ්‍රජන් හා හීලියම් අඩංගු වේ. මෙවැනි සාධක ජිවයක් පැවතිමට සුදුසු නොවේ.

නෙප්චූන්:
හිරුගේ සිට ඇති සාමාන්‍ය දුර සැතපුම් 2793,000,000 ක් පමණ වේ. මෙහි අවුරුද්දකට පෘථිවි වර්‍ෂ 165 කි. මෙහි මතුපිට උෂ්ණත්‍වය සෙන්ටිග්‍රේට් අංශක -177 පමන වේ. චන්ද්‍රයින් 2ක් සිටි. වායු ගොලය හයඩ්‍රජන් සහ හීලියම් වලින් තැනි ඇත. මෙවන් පරිසර සාධක යටතේ නිසිසෙත්ම ජීවයක් පැතිමට ඉඩක් නැත.

ප්ලූටෝ:
දැනට සෞරග්‍රහ මණඩලයෙන් ග්‍රහලෝකයක් ලෙස ඉවත් කර ඇති වස්තවකි. හිරුගේ සිට ඇති සාමාන්‍ය දුර සැතපුම් 3664,000,000 ක් පමණ වේ. මෙහි අවුරුද්දකට පෘථිවි වර්‍ෂ 248 කි. අධික ශිත ග්‍රහකයක් වන මෙහි ජිවයක් පැවතිමට සුදුසු තත්‍වයක් කිසිසේත් නොමැත.


මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදි බලාපොරොත්තු වන්න..


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS