ජීවයේ මූලික පදනම
අප දන්නා පරිදි විශ්වයේ කුමන ස්ථානයක ජිවය බිහිවුවත්, එම අරම්බයට හේතුකාරකයක්
තිබිම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. දැනට සොයාගෙන ඇති පරිදි පෘථීවි ජීවීන්ගේ මූලික
හේතුකාරකය එහෙමත් නැත්නම් මූලික ප්‍රභවය වී ඇත්තේ කාබන් (Carbon “C”) සහ ජලය යැයි පිළිගෙන
තියෙනවා. කාබන් අඩංගු අණු දෙවර්ගයක් වන කාබන්ඩයොක්සයිඩ් හා කාබන්මොනොක්සයිඩ් මීට
ඇතුලත් නොවේ. කාබෝහයිඩ්‍රේට්, මේද, ප්‍රෝටීන, සහ න්‍යෂ්ටික අම්ල මේ උදාහරණ ලෙස
ගන්න පුළුවන්. කාබන් තරම්ම සුදුදු නැතත් සිලිකන් (Silicon) ද යම් ප්‍රමාණයකට කාබන් වගේ
වෙනත් පරමාණු සමඟ එක්වී සංයෝග (Compounds) රාශියක් සෑදිමට
හැකියාවක් තියෙනවා.
කාබනික අණුවලට එකිනෙක ප්‍රතික්‍රියා කිරිමට අවශ්‍ය මාධ්‍යක් ලෙස ජලය
උපයොජනය වෙනවා. ජලයෙහි මෙහෙය ඉටු කිරිමට සමත් තවත් රසායනයන් තියෙනවා, උදාහරණයක්
ලෙස හයිඩ්‍රජන් ෆ්ලොරයිඩ් ගන්න පුළුවන්. ඒත් මෙම සංයෝග පෘථිවියෙන් පිටත ඇත්තෙ
සුවල්ප වශයෙන් යැයි සලකනවා. ඒ හින්දා පෘථිවියෙන් පිටත ජිවයක් ඇතදැයි සෙවීමට විද්‍යාඥයෝ
කාබන් සහ ජලය උදව් කරගන්නවා.








0 comments:
Post a Comment